hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47



ළමා, පිලිකා, හෘද, රෝගින් සදහා ලබාදෙන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග රැසක හිගයක් පවතින අතර මේ වනවිට ඖෂධ මිල සියයට තුන්සියයකින් හාරසියයකින් පමණ වැඩිවි ඇති බව සමස්ත ලංකා බටහිර ඖෂධ තොග බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම්  රවි කළංසුරිය මහතා පවසනවා.

ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල විශාල වශයෙන් වැඩිවිම නිසා රෝගීන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ අවස්ථාවේ දි ඖෂධ ආනයනකරුවන්ද බොරදියේ මාළු බාන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළා.

ගාල්ලේ අද (27) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළා.

හෙතෙම මෙසේද පැවසුවා,

“ඖෂධ මිල රෝගින්ට දරාගන්න බැහැ.  ඖෂධ නියාමන අධිකාරියක් තිබුනාට වැඩක් නැහැ. ඖෂධවල මිල පාලනයක් නැහැ. වෙනදා රුපියල් 500ට ගත්තු බෙහෙත් තුන්ඩුවේ බෙහෙත් ගන්න රුපියල් 2500ක් අවශ්‍යවෙනවා. විශ්‍රමිකයින්ට මාසික බෙහෙත් ටික ගන්න ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමානවත් නැහැ. මේ වනවිය විශ්‍රාමිකයින් විශාල පිරිසක් බෙහෙත් ගැනිම අත්හැර දමලා. ඖෂධ හිගයට රජය කිසිදු පියවරක් අරගෙන නැහැ. රෝහල්වල බාහිර ප්‍රථිකාර අංශවල ඖෂධ නැහැ. පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදි ගැනිමේ දි රෝගින් නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිගයක් තියෙනවා. ළමා රෝගින්ට ලබාදෙන ඖෂධ නැහැ. පිලිකා රෝගින්ට ලබාදෙන ඖෂධ වර්ග නැහැ. පිලිකා රෝගින් මරණයට ලක්වෙමින් ඉන්නවා. හෘද රෝගින්ට අවශ්‍ය  ඖෂධ වර්ග මෙන් ශල්‍ය උපකරණ නැහැ. ඖෂධ හිගයට කෙටි කාලින දිගු කාලින විසදුමක් නැහැ.

“අවශ්‍ය වෙලාවට රෝගින්ට ඖෂධ නැහැ. යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ.  රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රෝගින්ටද ප්‍රමානවත් පරදි ඖෂධ නැහැ. පුද්ගලික ඔසුසල්වලින්වත් මිලදී ගන්න ඖෂධ නැහැ. අක්ෂිකාචවල මෙන්ම අක්ෂි රෝගින්ට ලබාදෙන ඖෂධ වර්ගවල හිගයක් තියෙනවා. ඖෂධ නිතිගත සංස්ථාව අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 15ක්වත් ගෙන්වන්නේ නෑ” රවි කළංසුරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.