hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 17, පෙ.ව. 12:10



ඇතැම් ඖෂධ සමාගම් සතුව පැවැති ඒකාධිකාරය බිඳ දමා ඇතැම් ඖෂධවල මිල 200 ගුණයකින් පමණ අඩුකර ගැනීමට හැකි වුණා යයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි ප්‍රකාශ කළා.

ඒ, මහනුවරදී මාධ්‍ය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ, ඖෂධ සමාගම්වලින් මාසිකව වැටුප් ලබන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිස් සිටින බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා එම පිරිස් මුදල් වෙනුවෙන් නොයෙකුත් සාවද්‍ය පුවත් සමාජගත කරන බවත් කියා සිටියා.

“ඇතැම් මාධ්‍යවේදීන්ද ඔවුන් සේවය කරන ආයතනය වෙනුවට සේවය ලබාදෙන ඖෂධ සමාගම්වලින් වැටුප් ලබනවා. මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගෙන ඒවා ඒ මොහොතේදීම ඖෂධ සමාගම් නියෝජිතයන්ගේ අතට පත්කරන බව අනාවරණය වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අභූත චෝදනා එල්ල කරමින් මඩ ගැසීම මොවුන්ගේ එක් කාර්යභාරයක්. මොවුන්ගේ ප්‍රහාරවලට වැඩිපුර ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින නීතියට අනුවම කටයුතු කරන නිලධාරීන්වීම විශේෂයි. පසුගිය කාලය තුළ ඇතැම් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ඖෂධ වර්ග රටට ආනයනය කළා. එය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ අවස්ථාව ලබාදීමෙන් ඇතැම් ඖෂධවල මිල 200 ගුණයකින් පමණ අඩුකර ගැනීමට හැකි වුණා. එලෙස රුපියල් 70000ට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලටගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණා. ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඖෂධ සමාගම්වලින් යැපෙමින් ඇතැම් මාධ්‍යවේදීන් සිදුකරන ක්‍රියාව කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. ඒකාධිකාරය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඉදිරියේ දී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටේවි. ජනමාධ්‍යවලට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙයි”   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: