hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 29, පෙ.ව. 12:25



මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් හිමිව නොමැති බවට මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කළා.

නමුත් රජයේ පාර්ශවයෙන් සඳහන් කෙරුණේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය මාධ්‍යයේ වුවත් රුපියල් ලක්ෂ තිස් එකක මුදලක් ඒ වෙනුවෙන් ලබා දුන් බවයි.

එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් පුණ්‍ය උත්සවයේ කටයුතු වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් පිණ්ඩපාත චාරිකාවකද අනතුරුව විහාරාධිපති හිමියන් නියැලුණා.

මේ අර්බුදය හමුවේ පෙර වසර වල මෙන් පුදබිම ආලෝකමත් කිරීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට මිහින්තලා පුදබිම අන්ධකාරයේ පවතිනවා.

මේ තත්වය හමුවේ මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීමට එක්වන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජනතාවට ආයාචනයක් කරනවා.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“විදුලිබල මණ්ඩලයේ ඇමතිවරයා කියනවා මුදල් ගෙවන්න. ගෙව්වට පස්සේ අපි විදුලිය දෙන්නම් කියලා කියනවා. රටේ වගකිවයුතු ඇමතිවරයෙක් නිකන් විදුලිබල ඇමති. එතුමා දැන් කියනවා මෙන්න මෙහෙමයි ගිය අවුරුද්දේ කළමනාකරණය කරන්න තිබුණා. හැබැයි කළමනාකරණය ගැන මට කියන්න උවමනාවක් නැහැ. කළමනාකරණය කරලා තියෙනවා ඔයාලා හොඳටම. ඒ හින්දා තමයි ලෝකෙන්ම අපිට රෙකෝඩ් හම්බ වෙන්නේ. මේ රටට ලැබිලා තියෙන ඒ කීර්තිනාමය. පැමිණෙන ජනතාවට අනිවාර්යෙන් විදුලිය අවශ්‍යයි රාත්‍රි කාලයේ. රාත්‍රී කාලයට දෙක, තුන, හතර ලෝඩ් පන්සියයක ධාරිතාවකින් යුක්ත ජේනරේටයක් අවශ්‍යයි. අපේ රටේ ඉන්න ධානපතින්ගෙන් මම ඉල්ලීමක් කරනවා විදුලි ජනක යන්ත් රයක් අපිට ගෙනල්ලා දෙන්න. ඒ වගේම මාධ්‍යයෙන් මින් පස්සේ මං කියනවා රාජ්‍ය උත්සවයක් නෑ මේ පොසොන් පිංකම සම්බන්ධයෙන්.

පොසොන් පිංකම තියෙනවා. ඔය රුපියල් ලක්ෂ තිහත් ඔන්න තමුන්නාන්සේලා තියාගෙන හොඳට කළමනාකරණය කරගන්න කියලා. බොහෝම මං සිය කැමැත්තෙන් මේක රජයට උපකාරයක් වෙයි. ඒ ලක්ෂ තිහත් කළමනාකරණය කරගන්න මූලික අරමුණ. ඒ හින්දා දැන් ඇමතිතුමා කියනවා එන මිනිස්සු ලක්ෂ තිහද, විස්සද ඒ බලාගන්න. රුපියල් දහය ගානේ එකතු කරලා. එහෙනම් ඒ ආණ්ඩුක්‍රම ව් යවස්ථාවට දාන්න ඕනේ නව වෙනි වගන්තියට. මේක ආරක්ෂා කිරීමේ, සුරක්ෂිත කිරීමේ වගකීමේ තියෙන්නේ රටේ ජනතාවටයි කියලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරාට වරදක් නැහැ. සංශෝධනය කරනවා. ඕන තරම් ගෞරවනීය මහා සංඝරත්නයටත් ආරාධනා කරනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික කියන එතුමන්ලාටත්, ඒ පුජ්‍ය පක්ෂයටත් අන්‍යාගමික පූජකතුමන්ලාටත් මම කියනවා. අනේ අපිට උදව් උපකාර කරන්න. මේ කටයුත්ත සාර්ථක කරගන්න. තමුන්නාන්සේලාටත් ඔය හැන්දෙන්ම තමයි බෙදන්නේ. ඒ වගේම ඉදිරියේදී පුරාවිද්‍යා නිලධාරීන් නෙවෙයි ඉහළ පෙළේ දේශපාලන අධිකාරිය හරහා මට නඩුවක් දාලා, සමහර වෙලාවට හිරගත කරන්නත්, එහෙම සැලසුමකුත් තියෙනවා. ඉතින් මේ රටේ ජනතාව දැන ගන්න එපායෑ.”