hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04



සර්වජන බලය සංවිධානය කළ ජන හමුවක් නුවරඑළියේදී පැවැත්වූ අතර සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණි.

කොළඹ පැවති ජනාධිපති අපේක්ෂක විවාදයට එක්වීම හේතුවෙන් ඔහු විඩියෝ තාක්ෂණය ඔස්සේ එම ජන හමුව අමතනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“ඉතිහාසය පුරාම ඒ පොරොන්දුවලින් පිරුණු ඒ දේශපාලන වේදිකාව අදටත් ඔබට ඉතුරුකරලා තියෙන්නේ ඔබගේ මේ කටුක ජීවිතය පමණයි. අපිට අවශ්‍ය මෙය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. අපි මේ වැඩපිළි‍වෙළ තුළ ඉදිරිපත්කරලා තියෙනවා ඔබගේ ගෙදරට එන ආදායම අවම වශයෙන් රුපියල් 100,000ක් බවට පත්කරනවා. ඔබට ලැබෙන්න ඕන දෛනික වැටුප රුපියල් 2000ක් කිරීමට අමාරු නැහැ. හැබැයි එය විද්‍යාත්මකව කරන්න ඕනේ. හාම්පුතුන් මත පමණක් පැටවීමෙන් මම හිතන්නේ නැහැ මේ මුදල ඔබට ලබාදෙන්න පුළුවන් කියලා. අපිට ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවා.”  

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: