hit counter

2026 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 17, පෙ.ව. 12:16



දිවයින පුරා අධික ලෙස කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබාදී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකය හඳුන්වාදී ඇති අතර අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

එම තොරතුරු අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බවත් එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: