2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:59
27 වැනිදා දිවයින පුරා සියලුම පාසල් සඳහා හදිසි නිවාඩු ලබාදීමට බලධාරීන් ගත් තීරණය, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කිසිදු විමසීමකින් හෝ තාක්ෂණික උපදෙසකින් තොරව ගනු ලැබූ එකක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා අවධාරණය කරයි.
පැවති දේශගුණික තත්ත්වය හමුවේ පාසල් පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අධ්යාපන බලධාරීන් සිය දෙපාර්තමේන්තුවෙන් කිසිදු නිල විමසීමක් සිදු නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පූර්ව සාකච්ඡාවක් පවා නොපැවැත්වුණු බවත් හෙතෙම පැවසීය.
එබැවින් එදින පාසල් නොපැවැත්වීම කිසිසේත්ම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් හෝ තීරණයක් නොවන බව අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වූ ‘ඔර්නාබ්’ සුළි කුණාටුව මෙරට කාලගුණයට එල්ල කළ හැකි බලපෑම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන්, ආපදා කළමනාකරණ අංශවල සහභාගිත්වයෙන් 26 වැනිදා ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේදී විශේෂ මාධ්ය හමුවක් ද පවත්වා තිබිණි.
එහිදී කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් අවධාරණය කර තිබුණේ අදාළ සුළි කුණාටුව ක්රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බැවින්, ශ්රී ලංකාවට ඉන් එල්ල විය හැකි අවදානම හෝ ඍජු බලපෑම පැය කිහිපයක් ඇතුළත ශීඝ්රයෙන් පහව යමින් පවතින බවයි.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:04
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:01
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:35
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:33
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
28-10-26
28-10-26
27-10-26
27-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26