hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:25



දිවයිනේ පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ප්‍රදේශවල අද (19) දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරු 4.00ට මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, හැකි සෑම විටම සෘජු හිරු එළියට නිරාවරණය වීම අවම කරන ලෙසත් අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් බලධාරීහු ඉල්ලා සිටිති. එමෙන්ම උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: