2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:00
අද (13) දිනය වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති වියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
2026 නොවැම්බර් 09, ප.ව. 2:45
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:39
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:31
09-11-26
09-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
05-11-26
05-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26