2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ජම්පරය අන්දවන අවස්ථාවේදී, එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් පිටත සිටින ප්‍රබල පුද්ගලයෙකුට එය සජීවීව නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, ඥානසාර හිමියන්ගේ ඉල්ලීම පරිදි පසුගිය 08 වනදා තමන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම සිදුවීම පිළිබඳව තමන් වෙත සවිස්තරාත්මකව කරුණු අනාවරණය කළ බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ උදය ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කළේය.
“2018 වසරේදී මෙන්ම මෙවරත් නිලධාරීන් ජම්පරය අන්දවන්න උත්සාහ කරද්දී ඥානසාර හිමියන් සුපුරුදු පරිදි ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා. 2018 දී උන්වහන්සේගේ විරෝධය හමුවේ නිලධාරීන් එම උත්සාහය අත්හැරියත්, මෙවර එසේ අත්හැරීමට ඔවුන් සූදානම් වී නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතු වෙලා බලහත්කාරයෙන් උන්වහන්සේට ජම්පරය අන්දවන්න පියවර ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී එක් නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින්, වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට මේ බලහත්කාරී ක්‍රියාව නිරීක්ෂණය කරන්න අවස්ථාව සලසා දෙන අයුරු උන්වහන්සේ දැක තිබෙනවා. ඥානසාර හිමියන්ගේත්, බන්ධනාගාර නිලධාරීන්ගේත් දැඩි අකමැත්ත තිබියදී මෙය සිදුවුණේ මාලිමාවේ ඉහළ නායකයන්ගේ දැඩි දේශපාලන බලපෑම නිසයි.”
එමෙන්ම අවසානයේදී භික්ෂූත්වයේ එකම සලකුණ ලෙස උන්වහන්සේගේ සිරුරේ ඉතිරිව තිබූ අඳනකඩයද ගලවා අතට ගත් මොහොතේ උන්වහන්සේ දැඩි කම්පනයකට පත්වූ බව පැවසූ ගම්මන්පිල මහතා, නිලධාරීන් එය භාර ගැනීමට අත් දිගු කරද්දී ඇති වූ බලවත් කම්පනය හේතුවෙන් ඥානසාර හිමියන් එම අඳනකඩය උඩට විසිකළ බවත්, එය එම කාමරයේ කැරකෙමින් තිබූ විදුලි පංකාවේ රැඳුණු බවත් සඳහන් කළේය.
ඒ අනුව ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ජම්පරය ඇන්දවීම සිදුවූයේ බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාවක් මත නොව, වත්මන් ආණ්ඩුවේ ඉහළ නායකයන්ගේ දේශපාලන පළිගැනීමේ බලපෑම මත බව තමන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:01
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26