hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11



හොරකම්, වංචා සහ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් නොවන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ දෙහිගම පැවති වැඩසටහනකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරයෙකු ඇතුළු කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් විශේෂ වරප්‍රසාද හිමි නොවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේදී ඒවාට සම්බන්ධ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වාගෙන යාමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් විශාල පිරිසක් විරුද්ධවාදීන් බවට පත්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් රජය බිය නොවන බව ද ඔහු පවසනවා.

රටේ ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසීම සඳහා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රට පොහොසත් කිරීමේ ගමනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ හොරකම, වංචාව සහ දූෂණය බව ද අවධාරණය කළා.

වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් ගතව ඇති අතර, ඉදිරි වසර තුන තුළ ද රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සඳහන් කළ ඔහු, රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති සමඟ ජනතාව එක්ව කටයුතු කළ යුතු බව ද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: