hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:42



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කරනවාට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත වීම අලුත් දඬුවමක් නොවන බවත්, එය මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක ඉතිරි කොටස බලාත්මක කිරීමක් පමණක් බවත්ය.

මීට පෙර අවස්ථාවලදී ඥානසාර හිමියන් බන්ධනාගාරයේ රැඳී සිටියේ චීවරය පිටින්ම බව සිහිපත් කළ උන්වහන්සේ, මෙම කරුණ මුල් කරගෙන අනවශ්‍ය අර්බුද නිර්මාණය නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

රටක් පාලනය කිරීමේදී පාලකයන් ‘දස රාජ ධර්මය’ අනුගමනය කළ යුතු බව අවධාරණය කළ සමන්තභද්‍ර හිමියෝ, එහි අවසන් ගුණාංග දෙක වන ‘ඛන්තී’ (ඉවසීම) සහ ‘අවිරෝධතා’ (මහජන මතයට සහ ධර්මයට එරෙහි නොවීම) පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළහ. පාලකයකු නිරතුරුවම ඉවසීමෙන් යුක්ත විය යුතු බවත්, ජනතාව සමග ගැටුම් ඇති කර නොගත යුතු බවත් පෙන්වා දුන් උන්වහන්සේ, එම මූලධර්ම නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි අර්බුද පහසුවෙන් පාලනය කරගත හැකි බව ද සඳහන් කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මෙම ප්‍රශ්නය හැසිරවූ ආකාරය ද උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්විය.

අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා එවකට ජනාධිපතිවරයාට මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව තිබූ බව උන්වහන්සේ පැවසූහ.

“ඥානසාර හිමියන් අපරාධකාරයෙක් නෙවෙයි. උන්වහන්සේ කිසිම කෙනෙක් මරලා නෑ, සොරකම් කරලා නෑ,” යනුවෙන් පැවසූ සිරි සමන්තභද්‍ර හිමියෝ, අධිකරණ තීන්දුව තමන් පිළිගන්නා නමුත්, අදාළ චෝදනාවල ලිපි ලේඛන නැවත පරීක්ෂා කර අඩුපාඩු හඳුනාගෙන ජනාධිපතිවරයාට සුදුසු සමාවක් ලබාදීමේ අවස්ථාව පවතින බව ද පෙන්වා දුන්හ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: