2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:30
කොයි කාගේත් හදවතේ ගායකයා කියන නමින් කොයි කවුරුත් අසීමිතව ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ, ක්ෂේත්‍රයේ නැගී තිබෙන කර්තෘ භාග පිළිබඳ අර්බුදයට සෘජු හා දැඩි පිළිතුරක් ලබා දෙමින් සිය මුහුණු පොතට විශේෂ සටහනක් එකතු කර තිබෙනවා.
තමන් ගායනා කරන ගීතවල කතෲභාග වෙනුවෙන් හඬනගන නිර්මාණකරුවන්ගේ ඉල්ලීම සාධාරණ බව පිළිගන්නා චාමර, අද සිට තමන් සහභාගි වන සියලු ප්‍රසංගවලදී අදාළ කොටස ලබාදීමට සූදානම් බවයි පවසන්නේ.
නමුත් ඒ සඳහා පද රචකයා, සංගීත නිර්මාණකරුවා සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් මුදල් වෙන්වන ක්‍රමවේදයක් මෙන්ම, ගායකයාටද අදාළ ගීතයේ යම් නීතිමය අයිතියක් හිමිවන පද්ධතියක් සැකසිය යුතු බව ඔහු පෙන්වා දෙනවා.
චාමර වීරසිංහ තැබූ සටහන මෙන්න…
මා විසින් ගායනා කරන ගීත සඳහා වන කතෲභාග වෙනුවෙන් හඬනගන අය සඳහා පමණි.. මුලින්ම මම කියන්න කැමතියි ඔබ මේ කරන ඉල්ලීම ඉතා සාදාරන එකක් බව. 2026 ඔක්තෝබර් 08 වන අද දින සිට මා විසින් සහභාගි වන සියලු ප්‍රසංග වලදී ගීත ගායනා කරන හැම වාරයක් වෙනුවෙන්ම ඔබට හිමි කොටස ලබා දෙන්නට මා සුදානම්.
එයට නිවැරදි ක්‍රමවේදයක් ඔබලා විසින් සකසා ගතයුතුයි. ගායකයා විසින් අදාල මුදල බැංකු ගතකරන මොහොතේම පද රචකයාටත් සංගීත නිර්මාණය ශිල්පියාත් සමසේ බෙදී යන ආකාරයට. විශේෂයෙන්ම තවත් පුන්චි මුදලක් රටේ ආදරනීය රසිකයන් වෙනුවෙන් ගීත ගායනා කල පද රචනය කල, සංගිත නිර්මාණයය කල, සංගීතය සැපයූ ජීවිතයේ සැඳෑ සමය අඩු පාඩු එක්ක ගත කරන සියලු කලාකරුවන් වෙනුවෙන් ලැබෙන පරිදිත් නිර්මාණය විය යුතුයි.
ඒ ආකාරයට එම කොටස් බෙදා දෙන විට ගායකයාට එකී ගීතවල සියයට යම් ප්‍රමාණයක අයිතියක් නීතිමය තත්ව යටතේ ලබා දීමද කල යුතුයි.. ඒසේ නොවෙනවා නම් අද දින සිට මා ඔබ කිහිපදෙනා විසින් නිර්මාණය කල ගීත ගායනා නොකරන බවට පොරොන්දු වෙමි..
යම් ආකාරයකින් එම ගීත අදින් පසු මගේ හඬින් ප්‍රචාරය වන්නේ නම් පද රචකයා සහ සංගීත නිර්මාණය ශිල්පියා විසින් මා හට ගෙවීමක් කල යුතුය..
මෙතෙක් මා හට පද රචනය කල සංගීත නිර්මාණය කල ආදරනීය හදවත් කීප දෙනෙකු පමණයි මේ කතෲභාග සිදුවීම හා සම්බන්දව නොයෙකුත් මත දරන්නේ කියන එකත් මම කියන්න කැමතියි..
ඒ කීපදෙනා හැරුනු කොට අනිත් කිසිම නිර්මාණය ශිලිපියෙක් අදවන තුරු මෙවැනි දෙයක් ගැන මා හා වචනයක් වත් කතා කොට නැතිබවත් කියන්න කැමතියි..පසු ගිය දවසක රූපවහිනී වැඩසටහනකට දුරකථනයෙන් කතා කල අවස්ථාවේද මා උත්සහ කලේ මේ අදහස සමාජගත කිරීමට නමුත් මට ලැබුනු කෙටි කාලය තුල මට එය නිවැරදිව ප්‍රකාශ කිරීමට නොහැකි විය.
මගේ ගීත ඔබට ඇසන්නට , විඳින්නට හැකිවන අයුරින් ප්‍රසංග සංවිධානය කරන සංවිධානක හදවත් සහ හැමදාම මට ආදරය කරන මගේ ආදරනීය රසික ඔබ සමග හදවතින්ම මා සිටිමි.
හෙට දවසේ මගේ රසිකයන් මා ප්‍රතික්ෂේප කරන්නේ නම් හෙට සිටම මා සංගීත චාරිකාවෙන් සමු ගන්නට සූදානම් බවද කාරුණිකව කියන්නට කැමතියි.
තෙරුවන් සරණයි හැමෝටම”
කතෲභාග අර්බුදය හමුවේ තමන්ට පද රචනය සහ සංගීතය සපයන ලද කිහිපදෙනෙකු පමණක් මෙලෙස හැසිරෙන බව පවසන චාමර, තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් බවත්, රසිකයන් ප්‍රතික්ෂේප කළහොත් හෙට වුවද සංගීතයෙන් සමුගන්නා බවත් පවසමින් තැබූ මේ සටහන මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:19
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26