2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:00
ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතී.
නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දුපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයයේ නිර්මාණය වී ඇත.
එම පද්ධතිය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් 2026 ඔක්තෝබර් මස 24 වන දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඉන් අනතුරුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:12
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26