hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:00



බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Arnab) ඉතා ප්‍රබල සුළි කුණාටුව ඊයේ දින (2026 ඔක්තෝබර් 27) පෙ.ව.11.30 වන විට උතුරු අක්ෂාංශ 16.0 සහ නැගෙනහිර දේශාංශ 84.3 ආසන්නයේ කන්කසන්තුරයේ සිට කි. මී. 820 පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනි.

මෙය 2026 ඔක්තෝබර් 28 වන දින පෙරවරු 11.30 වන විට ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ ලෙස ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ කාලගුණ තත්වයට මෙම පද්ධතියේ ඇති බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: