hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 6:36



ගිතොට ගිංගගමාවතේ මුස්ලිම් පල්ලියක දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව ගාල්ල පොලීසිය පවසයි.

ඊයේ (26) පස්වරුවේ දි මෙම ගැටුම ඇතිවි තිබෙනවා.

ඊයේ මෙම මුස්ලිම් පල්ලිය තුල ආගමික උත්සවයක් පැවති අතර එහි දි කොඩියක් එසවිම සම්බන්දයෙන් මෙම දෙපාර්ශවය අතර මෙම ගැටුම ඇතිවි තිබෙන බව පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.

පොලු හා ගල්වලින් පහරදිම නිසා එක් පාර්ශවයේ වාහනයකටද අලාභ හානි වී ඇති බව පොලිසිය පවසයි. 

මෙම පල්ලියේ දෙපාර්ශවයක් අතර කලක පටන් පල්ලියේ අයතිය සම්බන්දයෙන් සිද්ධියක් මුල්කරගෙන මතගැටුමක් ඇතිවී තිබු බව පොලිසිය පවසයි.

මෙම ගැටුමට සම්බන්දයෙන් 04 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක පුලස්ති සොයිසා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වෙයි.