2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
මේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තවමත් තියෙන බවත් එම තත්ත්වය යටතේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම ජනතාවට විශාල බරක් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
එනිසා හිටපු ජනාධිපතිවරුන් ජනතා මුදලින් නඩත්තුකරන එක නවත්වන බවත් ඒ සඳහා හදාගත්ත නීති වෙනස් කරන බවත් ඔවුන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ,
“ජනාධිපතිවරණයට කලිනුත් කිව්වා, මහ මැතිවරණයට කලිනුත් කිව්වා. ජීවත් වෙන්න දේශපාලනය කරන්න නෙමෙයි රටක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් මෙහෙම පහසුකම් නෑ.
ජනාධිපතිවරු විශ්‍රාම ගියාම ඒ ජනාධිපතිවරු නඩත්තු කරන්න ඇයි තවදුරටත් ජනතාවට භාර දෙන්නේ. ජනතාවට බරක් වෙන්න. රටේ ජනතාවට තියා ගන්න බැරුව උතුරලා ගිහිල්ලා නෑ.
තවමත් අපේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තියෙනවා. ඒ නිසා මේ ජනතා මුදලින් නඩත්තුකරන ඒක අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ඒ වෙනුවෙන් හදාගත්ත නීති වෙනස් කරනවා.
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරලා දානවා. ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බෙයි. නැතුව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නෑ. අපි ඒක ඡන්දෙට කලිනුත් කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා.”
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11
04-08-25
04-08-25
18-06-25
18-06-25
20-06-24
20-06-24
12-04-24
12-04-24
09-03-24
09-03-24
19-02-24
19-02-24
15-02-24
15-02-24
08-02-24
08-02-24
21-01-24
21-01-24
17-01-24
17-01-24
09-01-24
09-01-24
08-01-24
08-01-24