hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 10, පෙ.ව. 7:12



පසුගිය ජූනි 03 වනදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ගමන්ගත් සුඛෝපභෝගී රථයේ ගැටී රෝහල් ගත කෙරුණු තරුණයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

අදාළ තරුණයා තම යතුරුපැදියෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසලින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම අණතුරට මුහුණ පා ඇති අතර එම අවස්ථාවේ දී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා නුවර සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටි බව පැවසේ.

වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර ‍යවා ඇති නමුත් මේ වනවිටත්  සිහිසුන්ව සිටිනා තරුණයාගේ ජීවිතය පවත්වාගෙන යනු ලබන්නේ යන්ත්‍ර වලින් බව පැවසේ.

තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති තරුණයෙක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර ඔහු යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක නිතර වී සිටි අයෙකු බව ද සඳහන්. 

තරුණයාගේ මව අහිමි අතර පියා මේ වනවිට දැඩි මානසික වියවුලකට පත්ව සිටින බවද සඳහන්.