hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 06, ප.ව. 3:40



පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළේය.

එහිදී තම නිවාසවලට හානි සිදුවූවා යැයි පවසමින් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43දෙනෙකුගේ නාම ලේඛනය සහ ඔවුන් ලබාගත් මුදල් ප්‍රමාණය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 

ඒ් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විශේෂ අනාවරණයක් සිදුකරමින්.

කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000

විමලවීර දිසානායක – රුපියල් 550,000

ගීතා කුමරසිංහ – රුපියල් 972,000

ජනක තිස්ස කුට්ටිආරච්චි – රුපියල් 11,43,000

ගුණපාල රත්නසේකර – රුපියල් 14,12,780

ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23

ප්‍රියංකර ජයරත්න – රුපියල් 23,48000

සම්පත් අතුකෝරළ – රුපියල් 25,40610

ජයන්ත කැටගොඩ – රුපියල් 28,14800

විමල් වීරවංශ – රුපියල් 29,54000

මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 33,34000

අකිල එල්ලාවල – රුපියල් 35,54250

චමල් රාජපක්ෂ – රුපියල් 65,39374

චන්දිම වීරක්කොඩි – රුපියල් 69,48800

අශෝක ප්‍රියන්ත – රුපියල් 72,95000

සමන්ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2

ජනක බණ්ඩාර තේනනකෝන් – රුපියල් ලක්ෂ 105.5

රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4

සීතා අරඹපොළ – රුපියල් ලක්ෂ 137.8

සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3

ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1

ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5

මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223

දොස්තර රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281

දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288

කණක හේරත් – රුපියල් ලක්ෂ 292

ඩී.බී. හේරත් – රුපියල් ලක්ෂ 321

ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327

ඩබ්ලිව්.ඩී. වීරසිංහ – රුපියල් ලක්ෂ 372

ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391

එස්.එම්. චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438

සන්ත නිශාන්ත – රුපියල් ලක්ෂ 427

සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509

අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552

සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559

ප්‍රස්නන රණතුංග – රුපියල් ලක්ෂ 561

කෝකිළා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587

මොහොන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601

නිමල් ලන්සා – රුපියල් ලක්ෂ 692

අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709

ගාමිණී ලොකුගේ – රුපියල් ලක්ෂ 749

ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934

කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959ක්

ඒ අනුව මෙම 43දෙනා ලබාගෙන ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 122.41ක් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: