hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 11, ප.ව. 1:36



හෙට (12) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊට අදාළ උපදෙස් ලබාදෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් මෙලෙස ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එදින සියලුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රජය දැනුම් දෙන්නේ.

එමෙන්ම එදින රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.