hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 30, ප.ව. 3:59



හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ, ජනාධිපති ධූරය සඳහා තමන් සුදුසුකම් ඇති බවට විශ්වාස කරන අතර, සුදුසු අවස්ථාවක් ලැබුණහොත් අනාගත ජනාධිපතිවරණයකට තරඟ වීමට සූදානම් බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසර 20කට වැඩි දේශපාලන පළපුරුද්දක් ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු ලෙස සේවය කළ අත්දැකීම් හා නිසි හැකියාවන් තමන් සතුව ඇති බවයි. තවද, තමන් කිසිදු වංචාකාරී කටයුතුවල යෙදී නොමැති බවද එම සුදුසුකමේ තවත් සාධකයක් ලෙස ඔහු සඳහන් කළේය.

මෙම අදහස් නවීන් දිසානායක මහතා පළ කළේ අද (30) කොළඹදී පැවති විශේෂ වැඩසටහනක් අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින්ය.

”ජනාධිපති වෙන්න ගොඩක් අයගේ සිහින තියෙනවා.සිහින සැබෑ කරන්නේ කොහොමද කියන එක වෙන කතාවක්. 2019 ජන්ධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර මහත්තයත් එහෙම සිහිනයක ඉන්න ඇති. නමුත් අපි කවුරුත් හිතුවේ නැහැ අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙයි කියල.”

කෙසේවෙතත් තමන්ට ඇති සුදුසුකම් මත අදට වඩා ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් කළ හැකි බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් නවින් දිසානායක මහතා පැවසුවේ,

”ආණ්ඩුවේ තියෙන්නේ සීමිත වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම වංචාවට,දුෂණයට, හොරකමට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කරන්නේ. නමුත් මම හැමවෙලාවෙම කියන්නේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විශේෂයෙන් ජීවන ප්‍රශ්නය, බඩු මිල, රැකී රක්ෂා ප්‍රශ්නය, ආර්ථික දියුණුව වගේ දේවල් කෙරෙහි කිසිම යොමුකිරීමක් ආණ්ඩුවෙන් වෙන්නේ නැහැ. එක දුරකට ගිහින් මේක හිරවෙනවා. මොකද ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා ස්ලෝගන්ස් වලින් විතරක් රටක් ගෙනියන්න බැහැ.” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: