hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 12:14



රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළව ඇති නමුත් මේ අවස්ථාවේදී අවුරුදු නැකැත් වෙනස් කිරීමට නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කළා.

ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශ්වවල අදහස් ලබා ගන්නා බව පැවසූ හෙතෙම මෙවර අවුරුදු නැකැත්වලට විරෝධය පළකරන පාර්ශ්වලට ද එහිදී අදහස් ලබා දිය හැකි බව ප්‍රකාශ කර සිටියා.

එසේම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව වත්මන් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැර ෙනව රාජ්‍ය නැකැත් කමිටුවක් පත්කරන බව හෙතෙම සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: