hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 19, පෙ.ව. 12:03



නිවෙස් වෙත පැන භාණ්ඩ සොරා ගන්නා බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතුඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මෙම සැකකරුවන් කහතුඩුව අවට පදිංචි පිරිසක් වන බවත් අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන්ද එම පිරිසට අයත් වන බව පොලීසිය පෙන්වා දෙනවා.

පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම කල්ලිය විසින් මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවාස බිඳ සොරාගන්නා බවට තොරතුරු හෙළිව ඇති බවයි.

එමෙන්ම ඔවුන්  නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකථන, ඇතුලු  භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා  අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇති බවද පොලීසිය පවසනවා.

පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම කල්ලිය දීර්ඝ කාලයක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව, එලෙස සොරාගත් භාණ්ඩ ළඟ තබා ගෙන සිටි අයද පොලිස් භාරයට ගෙන විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: