hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 27, පෙ.ව. 2:11



නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කළ පුද්ගලයින් සොයා වැටලීම් මේවන විටත් ක්‍රියාත්මකයි.

ඉන්ධන රැස් කර ගෙන එම ඉන්ධන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව සිදුකල මෙහෙයුමකින් මාස දෙකකදී 675 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසුවා.

වංචනික අයුරින් රැස්කර ගෙන තිබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 70,000කට ආසන්නයි.

එය සාමාන්‍යයෙන් ඉන්ධන බවුසර 10කට ඇතුලත් තෙල් ප්‍රමාණයට සමාන වනවා.

මේ අතර ප්‍රදර්ශනාගාරවල විකිණීමට තබා තිබෙන යතුරු පැදි හිතවත් පුද්ගලයන්ට ලබා දී ඉන්ධන රැස්කර ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු වන බවට වාර්තා වනවා.

බණ්ඩාරගම ඉන්ධනහල් හිමිකරුවන් පවසන්නේ එලෙස රැගෙන එන ලද යතුරු පැදි භාරව සිටින පුද්ගලයාට යතුරු පැදි පැදීමට හෝ නොහැකි වුවත් ඔහුගේ කාර්ය පෝලිමේ රැඳී සිට යතුරුපැදිය තල්ලු කරගෙන ගොස් ඉන්ධන ලබා ගැනීම බවයි.

මෙලෙස තම යතුරු පැදි ලබා දී එයට ලබා ගන්නා ඉන්ධන තොගය ප්‍රදර්ශනාගාර හිමිකරුවන් විසින් ලබාගෙන තොග රැස්කර ඒවා අධික මුදලකට විකිණීම සිදුකරන බව වාර්තා වනවා.

මේ දිනවල යතුරුපැදි අලෙවිය ද පහත වැටී ඇති බැවින් ඉන්ධන වැඩිමිලට විකිණීමේ ජාවාරමට ඔවුන් වැඩිපුර නැඹුරු වී ඇතැයි දැනගන්නට ඇති බව ඉන්ධනහල් හිමිකරුවන් පෙන්වා දෙනවා.

තවද රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන යතුරු පැදියේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයට ද මෙම ජාවාරම්කරුවන් විකිණීමට තබා තිබෙන ලියා පදිංචි යතුරු පැදි ලබාදී ඉන්ධන රැස් කිරීමට ද පෙළඹෙනු ඇතැයි ඉන්ධනහල් හිමිකරුවන් අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: