hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:10



ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන දැවැන්ත ජන රැළිය, “මහජන හඬ” යන තේමාව යටතේ නොවැම්බර් මස 21 වන දින පස්වරු 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම ඒකාබද්ධ විරෝධතාව සහ එහි අරමුණු පිළිබඳව රට දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක්, ලබන 27 වන සඳුදා උදෑසන 9.30ට කොළඹදී පැවැත්වීමටද නියමිතය.

මෙම “මහජන හඬ” ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සියලු විරුද්ධ බලවේග එකම වේදිකාවකට ගෙන ඒම මෙම ජන රැළියේ ප්‍රධාන අරමුණක් වී ඇති අතර, එහි සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල අදාළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වෙමින් පවතින බවද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: