2024 නොවැම්‍බර් 21, පෙ.ව. 10:03
 
            
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ සඳහා සහභාගී වෙන මැති ඇමතිවරු මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.
මංගල සැසිවාරය චාම් උත්සවයක් ලෙස පැවැත්වෙන අතර, ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කළේය.
අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර පළමුව කථානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.
කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවේ.
මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එහි සජීව විකාශය පහතින් ,
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
23-10-25
 
                                            23-10-25
23-10-25
 
                                            23-10-25
22-10-25
 
                                            22-10-25
22-10-25
 
                                            22-10-25