hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 01, ප.ව. 12:50



ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිරව පුද්ගලයින් 1148 දෙනෙකු බදවාගෙන තිබෙනවා.

මේ බව හෙළිදරව් වූයේ ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව තොග ගබඩා පර්යන්ත සමාගම සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේයි.

එම සමාගමේ අනුමත සේවක සංඛ්‍යාව 3249ක්. 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදිනට මෙහි තනතුරු 746ක් පුරප්පාඩු වි තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

කෙසේවුවද මේ පිළිබද ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අනුමත සේවක සංඛ්‍යාවට පරිබාහිරව බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව සාමාන්‍ය එදිනෙදා බඳවා ගැනිමේ ක්‍රියාවලියක් නිසා ඇති වුවක් නොවන බවයි.

මෙය අනුමත සේවක සංඛ්‍යාවේ තනතුර හෝ ශ්‍රේණියේ නොගැලපිම නිසා මෙම විෂමතාවය කාලයක් තිස්සේ නිර්මාණය වී ඇති බවයි.

දේශපාලන වින්දිතයින් පිළිබද කටයුතු කිරිමේ ක්‍රියාවලියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් උසස් කිරිම් හේතුවෙන් මෙම උසස්වීම්වලින් බොහොමයක් සුපිරි සංඛ්‍යාත්මක පදනමකින් සිදුකොට තිබිම, සේවක සංඛ්‍යා සමාලෝචනයේ දී සේවක තනතුරු සංඛ්‍යාව අඩුකිරිම, වසර 30ක සේවා කාලය මත විශ්‍රාම යන සේවකයින් සදහා උසස්විම් ලබාදිම මෙම විෂමතාවයන්ට හේතුවී තිබෙනවා. 

මෙම අතිරේක සේවකයින් සඳහා රාජකාරි පැවරිම මගින් ආසන්නතම අනුමත සේවක සංඛ්‍යාව සමග ගැලපීමට කටයුතු කරන බවත් ඒ අනුව නව බදවා ගැනීම් නොකිරීමටත් කටයුතු කළ ඇති බව කළමණාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: