hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 12:10



ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 03ත් 04ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

ජල විදුලි උත්පාදනය මේ දිනවල සියයට 20ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සියයට 83ක් බැවින් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බව මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි.

මෙම තත්ත්වය මත තාප විදුලිය නිෂ්පාදනය සියයට 63ක් බවත් සුර්ය බලාගාර මගින් සියයට 04.5ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර සුළං බලාගාර මගින් සියයට 05ක විදුලි ධාරිතාවක් ජනනය කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: