hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූනි 14, පෙ.ව. 1:00



බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් එම රැඳවියන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දඩ දඬුවම් අහෝසි වීම හේතුවෙන් රැඳවියන් 141දෙනෙකු හා දින 14 අඩුවීම හේතුවෙන් රැඳවියන් 32ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

ඒ යටතේ වැඩිම සංඛ්‍යාව වන රැඳවියන් 23 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිත අතර සෙසු බන්ධනාගාර වන කුරුවිට, මහර, මීගමුව, වීරවිල, වාරියපොල, බෝගම්බර, අනුරාධපුර,කළුතර,කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන, වටරැක, බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලින් නිදහස ලබාදීමට නියමිතයි.

මේ අතර, පොළොන්නරුව, කෑගල්ල, මඩකලපුව, මොනරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය, ගාල්ල, පල්ලෙකැලේ හා ත්‍රීකුණාමලය යන බන්ධනාගාරවලින්ද රැඳවියන් නිදහස ලැබීමට නියමිතව තිබෙන්නේ.

Example Image