2026 ජූනි 21, පෙ.ව. 12:08
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්රදානය උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තිබූ තේක්කවත්ත කොටසෙන් අක්කර 30ක් ජනතාව වෙනුවෙන් ලබා දුන් අතර ප්‍රතිලාභීන් ප්‍රමාණය 114කි. මෙම සියලුම ප්‍රතිලාභීන්ට නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්ෂ 50ක මුදලක් හිමිවන අතර, මූලිකව ලක්ෂ 20 බැගින් චෙක්පත් ලබාදීම ද මෙහිදී සිදුවිය.
මෙවැනි විශාල ප්‍රමාණයකට මෙතරම් මුදලක් කිසිදු ආණ්ඩුවකින් ආපදා කාලයකදී ලබා නොදුන් අතර, පැමිණි ජනතාව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය ප්‍රශංසාව පළ කරන ලදී.
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා අදහස් පළ කළේය.
“මේ මාධ්‍යවලට මේ වගේ ආණ්ඩු හම්බවෙලා නැහැ. මෙතන මාධ්‍ය දෙකක් තියෙනවා, උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුව සම්බන්ධයෙන් කියන තරමක් කියන්නෙ පච. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති රටක් කොහෙවත් නැහැනෙ.
දිට්වා සිද්ධිය වුණාට පස්සේ ජනාධිපතිතුමා විශේෂයෙන් කැබිනට් මණ්ඩලයත් එක්ක කතා කළේ අපි පුළුවන් තරම් පහළට දෙන්න ඕනෙ කියලා. දිස්ත්‍රික් ලේකම්තුමා ළඟ ඇති තරම් සල්ලි තියෙනවා. නමුත් ඒවා දෙන්න වෙන්නේ නීතිමය රාජකාරිමය චක්‍රලේඛවලට අනුව අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගත්තට පස්සේ. ඒ නිසා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මේ කටයුත්තෙදි ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා ග්‍රාම සේවක මහතා. නැත්නම් අපිට මේ වැඩේ කරන්න බැහැ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා ආපදාවට පත් වූවන්ට තිබුණු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒකට ආණ්ඩුව මුදල් වෙන් කරනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ රජය.
මිනිස්සු ඉස්සරහට විසඳගන්න බැරි ප්‍රශ්න ඇවිත් නැහැ. ඒක කාල් මාක්ස් කියන දාර්ශනිකය කියලා තියෙනවා. විසඳුම් ඇති ප්‍රශ්නයක් මිනිසා ඉදිරියට එන්නේ නැහැැ කියලා. ඒ නිසා කිසි අසුබවාදයක් තියාගන්න එපා.
ඉස්සර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුලින්ම දුවලා ගිහින් ගත්තෙ වාහන පර්මිට් එක. අපි උඩට බෙදාගෙන නැහැ. රටේ භාණ්ඩාගාරයට එකතු කරන රටේ ආදායම ඔක්කොම දෙන්නේ ජනතාවටමම තමයි. අපි ආපු ගමන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වැටුප් වැඩි කළා. ගොවි ජනතාවට හෙක්ටයාර් දෙකකට තිබ්බ පොහොර සහනාධාරය රුපියල් 30,000 සිට 60,000 දක්වා වැඩි කළා.
අපි ජීවිතය ගැන සුබවාදීව හිතන්න ඕනේ. සුබවාදී ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ලස්සන හීන දකින්න ඕනේ. ඒවා සාර්ථක කරගන්න කැපවෙන්න ඕනේ. මේක ආණ්ඩුවයි රජයයි ජනතාවයි එක මිටකට එකතු වුණොත් විතරයි කරන්න පුළුවන්.”
2026 ජූනි 21, පෙ.ව. 12:23
2026 ජූනි 21, පෙ.ව. 12:16
2026 ජූනි 21, පෙ.ව. 12:11
2026 ජූනි 21, පෙ.ව. 12:10
2026 ජූනි 21, පෙ.ව. 12:08
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26