hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26



දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමි වුණා.

බොහෝ අවස්ථාවන්වලදී සමාජ සත්කාර සේවාවන් වලටත් තමන්ට හැකි අයුරෙන් පෙනී සිටින ඇය නිතරම ජනතාවගේ පැත්තේ හිට ගත්තු කලාකරුවන් අතර එක්කෙනෙක්.

එනිසාම ජනතාවගේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් අභියස ඇයත් සංවේදී වුණා.

පසුගිය කාලයේ රට තුළ පැවති ව්‍යාකූල තත්වය නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පාරට බැහැලා හිටියා.

ඒ අතරින් බයක් සැකක් නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියමින් තමන්ගේ අදහස ඉදිරිපත් කරපු කෙනෙක් විදියට දමිතා අබේරත්න හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඇය එකතරා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් තමන් දේශපාලනය කරපු එක සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා

“අවුරුදු හතළිස් හතරක් තිස්සේ මම ලබපු audience එකේ ආදරය පැත්තකින් තියලා politics වලට ගිය එක මගේ ජීවිතේ කරපු ලොකුම mistake එක. ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. කලාවෙන් හදාගත්ත image එක දේශපාලනය නිසා විනාශ කරගත්තා කියන පසුතැවීම මගේ හිතේ තියෙනවා. ආයේ කවදාවත් මම දේශපාලනය කරන්නේ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: