hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:10



මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජු සබඳතා පවත්වන පුද්ගලයින්, දේශපාලන ක්ෂේත්‍රයට ක්‍රමිකව ප්‍රවේශ වෙමින් සිටින බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා බරපතල අනතුරු ඇඟවීමක් සිදු කළේය.

ඊයේ (27) දින ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙම තත්ත්වයේ බරපතලකම තවදුරටත් අවධාරණය කළ පොලිස්පතිවරයා, මෙවැනි පුද්ගලයින් නුදුරු අනාගතයේදීම ජාතික දේශපාලනයට ඇතුළු වීමේ පැහැදිලි ප්‍රවණතාවක් පවතින බවද සඳහන් කළේය.

“සුදු ඇඳගෙන කළු වැඩ කරන” මෙවැනි පුද්ගලයින් දේශපාලනයට පිවිසීමේ මූලික අරමුණ, මහජන සේවය නොව, තම නීති විරෝධී ජාලයන් තවදුරටත් පුළුල් කර ගැනීම සහ නීතියේ රැහැනෙන් මිදීම සඳහා දේශපාලන බලය පලිහක් කර ගැනීම බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින්, මෙවැනි අපරාධ පසුබිමක් සහිත පුද්ගලයින්ට තම පක්ෂවල සාමාජිකත්වය හෝ මැතිවරණ අපේක්ෂකත්වය ලබා නොදීමට වගබලා ගැනීම, මෙරට සියලුම දේශපාලන පක්ෂ සතු ප්‍රධාන වගකීමක් බව ද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී දැඩිව අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: