2022 ජූලි 24, ප.ව. 11:38
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දුරකතන සංවාදයක නිරත වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන්.
එමෙන් ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව, ආර්ථික තත්ත්වය, සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද එම දුරකතන සංවාදයේදී අවධානය යොමු වූ බව තරික් අහමඩ් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගවලට අඛණ්ඩව සහය වන බව යි.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 4:50
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:22
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:23