2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ මහජන රැලිය සඳහා සහභාගි වන ලෙස සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් ඇතැයි වාර්තා වෙයි.
පක්ෂයේ කළමනාකරණ කමිටුව ඇතුළු රැස්වීම් ගණනාවකදීම එසේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි. විපක්ෂ නායකවරයා නොයන්නේ නම් පක්ෂ නියෝජිතයකු හෝ ඊට සම්බන්ධ කරවන ලෙස නියෝජිතයන් දැඩිව ඉල්ලීම් කර ඇතත් සජිත් ප්‍රේමදාස ඊට එකඟ වී නොමැත.
විවිධ දූෂණ චෝදනා එල්ල වූ පිරිසක් සමඟ එකට ගමනක් නැතැයි මෙහිදී පක්ෂ නායකත්වයෙන් ප්‍රකාශ වී ඇති බවත් පවුලේ සමහරුන්ට විවිධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් උදව් ලබාගැනීමට හොඳ නම් ඔහු සමග එකට සිට ගැනීම වරදක් වන්නේ කෙසේ දැයි මෙහිදී ඇතැමුන් ප්‍රශ්න කර ඇත.
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:04