hit counter

2025 දෙසැම්‍බර් මස 13 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14



එළඹෙන මෝසම් වර්ෂා සමයේ ජල කාන්දු අවම කිරීම සඳහා පසුගියදා නාය ගිය ස්ථානවල පැළුම්වලට පස් පුරවා ඒවා හොඳින් තර කරගත යුතු බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“පැළුණු භූ පැළුම්වලට මතුපිට හොඳ පස් දමා කොටා හොඳින් තරකර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා.

ඒ වගේම NBR එකෙන් නිර්දේශ කරලා තියෙනවා, පැළුමේ අඟල් හයක් විතර ඉතිරි කරලා විශේෂ රසායනික මිශ්‍රණයකින් මේ පැළුම වහලා දාන්න කියලා. මේ පැළුම සමහර ප්‍රදේශවල මීටර් 150ක් විතර තියෙනවා.

ගම්වැසියෝ කියන විදිහට වින්ඩ්ස්ක්‍රීන් එකට ගලක් වැදිලා පුපුරපු විදිහට සමහර තැන්වල පිපිරීම් තියෙනවා.”

හදිසි ආපදා තත්ත්වය සමග නාය ගිය බදුල්ල අලුගොල්ල කන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: