2023 සැප්තැම්බර් 16, ප.ව. 1:29
සතොස අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත්තේ සතොස ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තුන්සියයක් පමණ වන සියලුම සේවකයන් මේ මස 30 වන විට අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමටයි.
මේ අනුව සතොස තනතුරු ගණනාවක සේවය කළ 292දෙනෙකු රැකියාවෙන් ඉවත් කිරීමට නියමිතයි.
සතොස පාලනාධිකාරය මෙම තීරණය ගෙන තිබෙන්නේ වෙළඳ, වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබෙන බැවිනි.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති චක්‍රලේඛයකින් දැනුම් දී ඇත්තේ මෙම අනිවාර්‍ය විශ්‍රාම ගැන්වීමේ යෝජනාව අනුව සියලුම සේවකයන්ට සැප්තැම්බර් මස වැටුප ගෙවීමෙන් අනතුරුව 30දා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් නොගෙවන බවයි.
මෙම තීරණයට එහි සේවකයන්ගේ විරෝධය පළ වී තිබෙනවා.
ඒ අනුව සතොස සේවකයන් තීරණය කර තිබෙන්නේ අමාත්‍යංශ තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සතියේ සිට වෘත්තීය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06
12-03-24
12-03-24
17-02-24
17-02-24
05-01-24
05-01-24
15-12-23
15-12-23
29-11-23
29-11-23
31-10-23
31-10-23
26-10-23
26-10-23
25-10-23
25-10-23
24-10-23
24-10-23
19-10-23
19-10-23
18-10-23
18-10-23
18-10-23
18-10-23