2022 නොවැම්‍බර් 15, ප.ව. 2:19
ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශගත වීමට පෙර, එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව එහි සඳහන්.
මේ අතර සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.
එම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවෙමින් සිටින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07