hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 20, ප.ව. 10:10



දරුවන්ට අපො.ස උසස්පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට ඉඩ දී ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සුරකින චක්‍රලේඛයක් අධ්‍යාපනය  අමාත්‍යාංශය විසින් මීට සුළු මොහොතකට පෙර එළි දක්වන ලදී. 

2023 අ.පො.ස උසස්පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දරු දැරියන්ගේ අපේක්ෂා භංගත්වයට පත් කරමින් විදුහල්පතිවරුන් විසින් අත්තනෝමතික ලෙස පාසල් වලින් අයදුම්පත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.

මේ පිළිබදව අගතියට පත් දරුවන් හා දෙමාපියන් විසින් දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලි  ඉදිරිපත් කෙරුණා.

නව චක්‍රලේඛය මගින් දරුවන්ගේ අපේක්ෂිත පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40% දක්වා පහත හෙලා ඇත.

තවදුරටත් දරුවන් කෙරේ මානුෂික වෙමින් ආර්ථික, සෞඛ්‍යමය හා පැමිණීමේ දුෂ්කරතා සලකා බලමින් දරුවන්ට පාසලින් විභාගයට අයදුම් කිරීමට ඉඩ ලබා දෙන මෙන් විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

පාස්කු ප්‍රහාරයේ සිටම දරුවන්ගේ අධ්‍යාපනයට විවිධ බාධා ඇති වුණා.

කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමුණා.

ගෑස් හිගය නිසා දෙමාපියන්ට දරුවන් උදෙසා ආහාර සකසා දීම පවා දුෂ්කර වුණා.

තෙල් අර්බුදය නිසා ප්‍රවාහන පහසුකම් ඇහිරී ගියා.

උද්ධමනය නිසා දරුවන් පාසල් යැවීමද දෙමාපියන්ට ගැටළුවක් වුණා.

මෙම හේතු නිසා සියළුම මාධ්‍ය දරුවන්ගේ පසින් සිට ගනිමින් ඔවුන්ට සාධාරණය ඉටු කර දීමට පෙළ ගැසුණා.

ඉන් පළමුව මෙම පුවත මහජනයා වෙත ගෙන යමින් අධ්‍යාපන අංශ වල නෙත් විවර කිරීමට දායක වූ අප ඒෂියන් මිරර් වෙබ් අඩවියට 2023 උසස්පෙළ පාසල් අයදුම්පත් නොලත් දරුවන්ගේ දෙමාපියන්ගේ ප්‍රණාමය හිමි වුණා. 

 ගම්පහ –  චම්පිකා මුතුකුඩ