hit counter

2025 නොවැම්‍බර් මස 24 වන සඳුදා

2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04



පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“විශේෂයෙන් අපි පාසල් වෑන් වලට අනිවාර්ය කරන්න යනවා CCTV. එතකොට දෙමාපියන්ට බලන්න පුළුවන් විදිහට. මේකට තියෙන එකම උත්තරය තමයි, ප්‍රධාන උත්තරය තමයි මගීන් ශක්තිමත් කරන එක.

කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒකට එරෙහිව කටයුතු කරන මිනිස්සු අවශ්‍යයි.

ගැහැණු හරි පිරිමි හරි. නමුත් වෙලා තියෙන්නේ අපේ බස් කර්මාන්තයේ තිබෙන සමහර නපුරු තත්වයන් නිසා මිනිස්සු බයයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

ඒ නිසා බස් කර්මාන්තය වෘත්තිමය මට්ටමට ගේන එක ත්‍රිරෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගේන එක මං හිතනවා ඔරේන්ජ් කලර් එක රෙඩ් පැත්තට යන්නේ නැතිව ග්‍රීන් පැත්තට ගේන්න අපි ගන්න උත්සාහයක් කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: