hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:03



ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු දිනෙක ජනතාව මෙවැනි බියකින් සහ අනාරක්ෂිතභාවයකින් ජීවත් වූ යුගයක් නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව යටතේ, දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරට යන ජනතාවට නැවතත් නිරුපද්‍රිතව තම නිවෙස් කරා පැමිණිය හැකිද යන්න පිළිබඳව දැඩි සැකයක් මතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සාමාන්‍ය ජනතාවට පමණක් නොව, මහජන නියෝජිතයන්ගේ ජීවිතවලට පවා මේ වන විට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් රටේ අනාගතය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිතතාවක් සහ අස්ථාවරභාවයක් ගොඩනැගී ඇති බවද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: