2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:31
සූරියකන්ද පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහයකයෙකුට පහරදීමක් කලේ යයි ඒල්ල වන චෝදනා අසත්‍ය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසයි.
ඒ මහතා ප්‍රකාශ කළේ තමා මළගෙදරක ගොස් ආපසු එන අතරතුර අදාළ පොලිස් සහයකවරයා සිය වාහනය අසලට පැමිණ රියදුරු අසුන දෙසින් වාහනයට පහර දෙමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවයි.
පාර්ලිමේන්තුවේදී ඔහුගේ නම සඳහන් කිරීම සම්බන්ධයෙන් ඔහු තමා සමග පෞද්ගලික අමනාපයකින් පසුවූ බවත්, පහරදීමක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
‘‘ඊයේ හවස මළ ගෙදරක ගිහින් එනකොට මමයි මගේ රියදුරුයි තව දෙන්නෙකුත් එක්ක අපි හතර දෙනෙක් තමයි වාහනේ එන්නේ. කළුගල හන්දියේදී මේ කියන සුසන්ත හෙට්ටිආරච්චි ඇවිල්ලා වාහනයට කිට්ටු කරලා බයික් එක උඩ ඉඳගෙනම ඩ්‍රයිවර්ගේ දොරට ගැහුවා.
ගහල කිව්වා වීදුරෝ පාත් කරන්න කියලා. වීදුරුවෝ පහත් කළාට පස්සේ කිව්වා මන්ත්‍රීතුමා පෞද්ගලික ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා.
මං ඇහුවා මොකක්ද මා එක්ක තියෙන පෞද්ගලික ගනුදෙනුව කියලා.
ඇයි ඇහුවා ඊයේ පාර්ලිමේන්තුවේ එයාගේ නම කිව්වේ ගංජා ප්‍රශ්නෙකට කියලා.
නම කිව්වේ ඔයා ඒකට සම්බන්ධ නිසාන කියලා මම කිව්වා.
එහෙම කියලා බහිනවාත් එක්කම පිටිපස්සේ හිටිය අපේ මල්ලිලා දෙන්නත් බැස්සා එයා හැබැයි ඉස්සෙල්ලා දැක්කේ නෑ පිටිපස්සේ තව දෙන්නෙක් වාහනේ ඉන්නවා කියලා.
අනිත් දෙන්නත් බහිනකොට මිනිහා මොකද කලේ බයිසිකලේ එතනම දාලා හෙල්මට් එක අරන් දිව්වා’
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමවට පහර දුන්නේ යයි රෝහල්ගතව සිටින පොලිස් සහයකවරයා චෝදනා කරයි.
සිද්ධියේ පසුබිම පසුගිය 16 වනදා සූර්යකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වගා වැටලීමක් මෙම සිද්ධියට මුල් වී ඇති බව වාර්තා වේ.
අදාළ ගංජා වගාව මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියාට අයත් ඉඩමක පවත්වාගෙන ගොස් ඇති අතර, පහරදීමට ලක්වූ පොලිස් සහයකවරයාද එම වැටලීමට එක්ව සිට ඇත.
තමා රාජකාරිය නිම කර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී, මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් වාහනයකින් පැමිණ තමා පසුපස හඹා විත් යතුරුපැදිය හරස් කර පහරදීමට උත්සාහ කළ බව පොලිස් සහයකවරයා පවසයි.
පළමු අවස්ථාවේදී එය බහිබස් වීමකින් අවසන් වුවද, පසුව කළුගල පන්සල පාර ප්‍රදේශයේදී නැවතත් යතුරුපැදිය හරස් කර තමාට පහර දුන් බවත්, මරණ තර්ජනය කරමින් මන්ත්‍රීවරයා සිය යතුරුපැදියේ යතුර උදුරාගත් බවත් ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, “කසිප්පු පැකට් එකකින් මුහුණට ගැහුවා, ඒකේ සැරට ඇස් පේන්නේ නැතිව ගියා” යනුවෙනි.
මෙම පහරදීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකු සම්බන්ධ වූ බවටද ඔහු හඳුනාගෙන තිබේ.
පොලිස් පරීක්ෂණ සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලිසිය සහ ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:11
19-12-25
19-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
29-10-25
29-10-25
16-08-25
16-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
30-07-25
30-07-25
01-07-25
01-07-25
29-12-23
29-12-23
21-09-23
21-09-23
02-08-23
02-08-23