hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 01, ප.ව. 3:18



Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා සිටියා.

චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා පළමුවරට මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සිදුකරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

සුපක්‍රට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන space x ව්‍යාපෘතිය හරහා Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබූ අතර Starlink ව්‍යාපෘතිය හරහා ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට පැයට කිලෝමීටර් 27,000ක ආසන්න වේගයකින් ගමන් ගන්නා චන්ද්‍රිකාවක් හරහා අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සිදුකරනු ලබයි.

Starlink හරහා දුෂ්කර ප්‍රදේශවල වාසය කරනු ලබන අන්තර්ජාල පරිශීලකයින් වෙත පහසුවෙන් අන්තර්ජාලට පිවිසිමට අවස්ථාව උදාවේ.

2024 වන විට Starlinkචන්ද්‍රිකා 5,874ක් කක්ෂ ගත කර ඇති අතර ඉන් චන්ද්‍රිකා 5,800ක ප්‍රමාණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව‍යි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලොන් මස්ක් අතර හමුවේදි Starlink අන්තර්ජාල සේවා පහසුකම මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: