2022 අප්‍රේල් 19, ප.ව. 7:19
ආණ්ඩුවට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාගත් ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, වන්නි දිස්ත්‍රික් නායක සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් යන තනතුරුවලින් ඉවත් කරන බවට පක්ෂ මහ ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.
පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බලතල අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07