hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2023 මැයි 29, පෙ.ව. 11:38



යාපනයේ – තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකුට පහර දුන් ගුරුවරයෙකු තෙලිප්පලෙයි පොලීසිය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගත්තා.

ඒ කොණ්ඩය නොකපා පාසලට පැමිණිම හේතුවෙන් එම සිසුන්ට බැන වැද අදාල ගුරුවරයා සිසුන්ට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් සිසුන් තුන් දෙනාගේ කටෙන් ලේ ගැලීම නිසා එම අවස්තාවේ දී ම රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු අපස්මාර රෝගයෙන් ද පෙළෙයි.

මේ අතර යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට එම සිසුන්ගේ දෙමාපියන් පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර එම දෙමාපියන් පවසන්නේ එම දිනපතා එම ගුරුවරයා සිසුන්ට ඉතා අමානුෂික අන්දමට පහර දෙන බවයි.

එම හේතුවෙන් ඔහුව මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් දෙමව්පියන්ගේ පැමිණිලි මත එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.