hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2025 ජූනි 01, පෙ.ව. 12:06



සියලු ආකාරයේ බැංකු ගිණුම විවෘත කිරීම, පළාත් පාලන ආයතන වලින් ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම, මෝටර් වාහන ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීම ආදී කටයුතු වලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (ටින්) ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට අදාළ සංශෝධනය ඇතුළත් 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත නුදුරු දිනෙකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව සංශෝධනයට අනුව ඉඩමක හිමිකම වෙනත් කෙනෙකුගේ නමට පැවරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, සමාගමක කොටස් වෙන පාර්ශ්වයකට පැවරීමේදී, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයැදුම් කිරීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත ‘ඉරිදා ලංකාදීපයට පැවසුවේ එම සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට්‌ පත්‍රය ළඟදීම නිකුත් කරනු ඇතැයි විශ්වාස කරන බව ය.

එමෙන් ම මේ වන විට මිලියන 10.5 කට අධික පිරිසකට ටින් අංක නිකුත් කර ඇතැයි ද හෙතෙම කීවේය.

‘ටින් අංක ලබා ගත් පිරිසෙහි යම් අඩුවක් තිබුණු නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ මූලාශ්‍ර වලින් ලබා ගත් තොරතුරු මත විශාල පිරිසකට ටින් අංක නිකුත් කරලා තියෙනවා. කෙනෙක්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ට ටින් අංකයක් නිකුත් කරලද තියෙන්නෙ කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙම ලියාපදිංචි වෙලා නම් තියෙන්නෙ ඒ අය ඊළඟට කළ යුත්තෙ තමන්ට ළඟම තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකට ගිහින් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරලා ටින් අංකය ඇතුළත් වාර්තාව ලබා ගන්න එක’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: