hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 21, ප.ව. 1:05



ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි ප්‍රොසෙකියුටර්වරයා වන කරීම් ඛාන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් යන දෙදෙනාට එරෙහිව මෙන්ම හමාස් සංවිධානයේ යාහ්යා සින්වාර්, මොහොමඩ් ඩයිෆ් සහ ඉස්මයිල් හනියේ යන තිදෙනාට එරෙහිව වරෙන්තු ඉල්ලා සිටීමට ක්‍රියා කළා.

ඔහු සඳහන් කළේ ඔක්තෝබර් 7 වෙනිදා සිට සිදුවූ ජීවිත විනාශය​, මනුශ්‍ය ඝාතන​, ප්‍රාණ ඇපකරුවන් පැහැරගැනීම​, ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපයෝජන මෙන්ම වධ හිංසා පැමිණවීම යන චෝදනා මත හමාස් සාමාජිකයන් තිදෙනාට එරෙහිව වරෙන්තු ඉල්ලා සිටින බවයි.

තවද ඔක්තෝබර් 8 වනදා සිට ගාසා තීරයේ සිදුවන යුධ උපායක් ලෙස කුසගින්නේ තැබීම​, කුරිරු ලෙස සැලකීම​, චේතාන්විතව සිවිල් වැසියන් ඉලක්ක කරගෙන පහර දීම සහ ජීවිත හානි, තුවාල සිදුකිරීම යනාදී චෝදනා මත නෙතන්යාහු සහ ගලාන්ට්ට එරෙහිව වරෙන්තු ඉල්ලා සිටින බව ද ඛාන් ප්‍රකාශ කළා.

මෙම ඉල්ලීම් විනිශ්චයකරුවන් විසින් විමසීමෙන් අනතුරුව වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය කෙරෙනු ඇති.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි අධිකරණ බලය ඊශ්‍රායලය විසින් පිළිගන්නේ නැහැ. නමුත් පලස්තීන පාලන අධිකාරිය එහි මූලධර්ම පිළිගන්නා බව පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: