2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 7:22
යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් යැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
වතු කම්කරුවන් සහ කළමනාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගිය දා පැවති මහජන ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් විසින් ඉස්මතු කරන ලදි.
යම් පාර්ශ්වයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කොට ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී පැවසුවා.
මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විමසා සිටි අතර එසේ ඇගැයීමට ලක් කිරීම සඳහා දැනට ම ත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ත්, වැටලීම්වලට අදාළ කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුව ඒ ඒ අදාළ නිලධාරීන් ඇගැයීමට ලක් කෙරෙන බවත් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පැවසූවා.
ඉමදූව පොලිසියේ ස්ථාන භාර නිලධාරි සඳහා වෙන් කරන ලද නිවස ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳව මෙහිදී විමසා බලනු ලැබීය. මේ වන විට එම නිවස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු යොදා ඇති බව මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූවා.
තව ද ගම් මට්ටමින් මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යාප්තිය සහ ඇබ්බැහි වූවන් පාලනය කිරීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළ පිළිබඳව කමිටුව විමසා සිටි අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයක් පොලිසියට ලැබුණු අවස්ථාවකදී පෙර මෙන් නොව නීති විරෝධී ළඟ තබා ගැනීම් මෙන් ම මුදල් විශුද්ධිකරණය සඳහා ද විමර්ශනය කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කමිටුවට පැවසූවා.
රථ වාහන වැරදි සම්බන්ධයෙන් රථවාහන පොලිසිය වීඩියෝ පටිගත කර ඒවා මාධ්‍ය වෙත නිකුත් කිරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව ද කමිටුව මෙහිදී අවධානය යොමු කළා.
ඕනෑ ම වැරදිකරුවෙකුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව කමිටුවේ අදහස වුණා.
මේ සම්බන්ධයෙන් ගැටලු පවතින බව ත් තමන් ඒ පිළිබඳව සොයා බලා එය විසඳීමට කටයුතු කරන බව ත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මෙහිදී කමිටුවට කරුණු දැක්වූවා.
2025 ජනවාරි 25, පෙ.ව. 12:28
2025 ජනවාරි 25, පෙ.ව. 12:21
2025 ජනවාරි 25, පෙ.ව. 12:14
2025 ජනවාරි 25, පෙ.ව. 12:11
2025 ජනවාරි 25, පෙ.ව. 12:09