hit counter

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 7:33



බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු සමාගමකට අයත් ක්‍රිඩාංගණයක දීපවාලි උත්සවය නිමිත්තෙන් සැණකෙළියක් පැවැත්විමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා විසින් සංවිධායකවරයාගෙන් රු 30,000 ක අල්ලසක් ඉල්ලු බවත්, ඉන් රු 5000 ක අත්තිකාරමක් ලේකම්වරයාට ලබාදිමෙන් පසු ඉතිරි මුදල් තම ගිණුමට බැර කරන ලෙස පවසා නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයාගේ පෞද්ගලික ගිණුම් අංකය තමන් වෙත ලබාදුන් බව සැණකෙළි සංවිධායකවරයා පැවසුවා.

රු තිස්දහසක මුදල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට රු පහලොස්දහසක් සහ තමන්ට රු පහලොස්දහසක් වශයෙන් බෙදා ගන්නා බව ලේකම්වරයා පැවසු බවයි සංවිධායකවරයා කියා සිටියේ.

අද (27) දින සිට අනිද්දා (29) දක්වා එම සැණකෙළිය පැවැත්විමට සුදානම් කර තිබුණත්, සැණකෙළිය පැවැත්විමට ක්‍රිඩාංගණය ලබාදිමට රුපියල් පනස් දහසක මුදලක් සහ විනෝද බද්ධ සදහා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව‍ට ඒ සදහා අදාල මුදල් ගෙවන ලෙස නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ.මුරලිදරන් මහතා විසින් ඉල්ලා සිටි බවයි සැණකෙළියේ සංවිධායකවරයා කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව මගින් මෙවැනි සැණකෙළි පැවැත්විමේදි සභාවට නීත්‍යානුකුලව ගෙවීමට ඇති මුදලට අමතරව ලේකම්වරයාට අල්ලස් මුදලක් ලබාදිමට සිදු වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත එම සැණකෙළිය පැවැත්විම නතර කල බවද සංවිධායකවරයා පැවසුවා.

සැණකෙළි සංවිධායකවරයාගෙන් අල්ලස් මුදලක් ඉල්ලිම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ.මුරලිදරන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අදාල සංවිධායකවරයා බගවන්තලාව ප්‍රදේශයේ සැණකෙළියක් පැවැත්විම සදහා තමන් සමග සාකච්ඡා කල බවත්, ඒ අනුව ප්‍රාදේශිය සභාව වෙත සහ එම ක්‍රිඩාංගණය වෙන් කර ගැනිම සදහා වු මුදල් ගෙවන ලෙස සංවිධායකවරයාට දැනුම් දුන්නා මිස තමන් අල්ලස් මුදලක් ඉල්ලා නොසිටි බවයි.