hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 8:15



කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (28) රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රි 10.00 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා එම කල කප්පාඩුව ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබෙනවා.

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබන බව ජාතික සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.