2024 මැයි 23, පෙ.ව. 12:01
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි (23.).
ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා 3ක් මුල් කරගෙනය.
සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරෙයි.
මීට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.
ඒ අනුව සිරිපා වන්දනා සමය වෙසක් පොහෝය දිනයෙන් නිමාවට පත්වෙයි.
1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙසක් පුන් පොහෝ දිනයේ දී ආගමික මධ්‍යස්ථාන සහ අනෙකුත් ආයතන කෙන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා.
මේ යටතේ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් දන්සැල් පැවැත්වීම, බෝධි පූජා, පහන් පූජා පැවැත්වීම, අසරණයින්ට පිහිටවීම වැනි කටයුතු ද සංවිධානත්මකව සිදු කරයි.
වෙසක් තොරණ ඉදිකිරීම, පහන් කූඩු ප්‍රදර්ශනය ආදිය වෙසක් සතියේ දී සියලුදෙනාගේ අවධානයට ලක් වෙනවා.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
25-05-24
25-05-24
23-05-24
23-05-24
23-05-24
23-05-24
23-05-24
23-05-24
23-05-24
23-05-24
22-05-24
22-05-24
11-05-24
11-05-24