hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 11, ප.ව. 1:53



මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝකාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වන දින වන විට අවසන් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට අද (11) උපදෙස් ලබා දුන්නා.

ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරයාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වු අවස්ථාවේ අධිකරණ අමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංහයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් සදහන් කළා.

පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබදව අදහස් හා යෝජනා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස හා එම යෝජනා හා අදහස් පිළිබදව ඒ ඒ දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කරන ලෙසත්, අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

අදිවාසී ජනතාවගේ අයිතින් ආරක්ෂා වන පරිදි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සකස් කරන ලද යෝජනාවලිය අධිකරණ අමාත්‍යවරයා වෙත පිළි ගැන්වීම ද මෙහිදී පිළි ගන්වනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ, මධුර විතානගේ, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, චන්දන සුරිය බණ්ඩාර, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වුවා.